ධන උල්පත කැළණියේ - විප්ලවීය පරිවර්තනයක් ගැන චම්පික කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

ධන උල්පත කැළණියේ - විප්ලවීය පරිවර්තනයක් ගැන චම්පික කියයි

ධන උල්පත කැළණියේ - විප්ලවීය පරිවර්තනයක් ගැන චම්පික කියයි

කැළණිපාලමත්, ඒ සමගම ගොඩනැගෙන මූල්‍යනගරය සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයත්, බත්තරමුල්ල  පරිපාලන නගරයත් සම්බන්ධ කරමින් ගොඩනැගෙන අධිවේගී මාර්ගයත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සම්පූර්ණ කළ පසු විප්ලවීය පරිවර්තනයක් සිදුවිය හැකි බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ(02) නිවාස ඒකක 396 කින් සමන්විත ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 

අනාගත ව්‍යවසාදායකයන්, ව්‍යාපාරික පන්තිය මූල්‍ය නගරයෙන් ගොඩනැගෙන ශක්තියත් සමග කැළණි ගං මෝයෙන් අලූත් සමාජ කණ්ඩායමක් මේ රට ඉදිරියට ගෙනයෑම සඳහා ගොඩනැගීමට අධිෂ්ඨාන කර ගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය වර්ෂය ඇතුළත රුපියල් බිලියන 300 කට අධික ව්‍යාපෘති 96ක් පෞද්ගලික අංශය වෙත මුදාහැරීමට හැකි වී තිබෙන බවත් එමගින් ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ පිබිඳීමක් ඇතිකිරීමට හැකියාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

“ඉතිහාසයේ රාජධානි සියල්ලම පාහේ වැව් ගංගා පදනම් කරගෙන ඇති වී තිබෙන බවත්, ඒ අනුව ගොඩනැගුණු සීතාවක රාජධානියත්, කෝට්ටේ රාජධානියත් එක්ව ගොඩනැගුණු කොළඹ නගරයත් අතර ඇති මෙම කැළණි ගග තමයි ධනය උපදවන මහා පදනම වෙන්නේ. එංගලන්තයේ ලන්ඩන් නගරය ගොඩනැගී ඇත්තේ තේම්ස් නදියෙන්, එය තමයි එරටට ධනය උපයන ධන ආකරය. ජර්මනියේ රයින් නදියත්, කොරියාවේ හැං නදියත්, රුසියාවේ ලේනා ගග සහ චීනයේ යැංසි ගග තමයි එම රටවල්වල ප‍්‍රවාහන මධ්‍යයක් හැටියට ධනය උපදවන මාධ්‍යයක් හැටියට භාවිත වෙන්නේ. මේ රටේ අපේ කැළණි ගග මහා ධනය උපදවන පදනම විය යුතුයි.“ 

නමුත් අවාසනාවකට කැලිකසල, අපජලය, මලාපවහන පද්ධති මුදාහරින තැන, සමාජයේ දූවිලි බවට පත්වෙච්ච දුප්පත් දුක්ඛිත මිනිස්සු වීසි කර දමන තැන බවට අද කැලණිගං මෝය පත්වෙලා තිබෙනවා. කැළණිගග, අත්තනගලූඔය සහ කළුගග සම්බන්ධයෙන් විධිමත් බහුකාර්ය යෝජනාවලියක් කි‍්‍රයාත්මක කිරීම අවශ්‍යවන බවත්, කැළණිගග තවදුරටත් කුණු අපජලය හෙලන තැනක් හෝ දුගී පැල්පත්වාසීන් ලගින තැනක් බවට බවට තවදුරටත් පත් නොකර මෙරට ධනය උපදවන ප‍්‍රධානම මධ්‍යස්ථානය බවට පත්කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

 

No comments:

Post a Comment

Post Bottom Ad