2017 ජනවාරි මාසයේ දී මෙරට ලියාපදිංචි කර ඇති මෝටර් කාර් ප්‍රමාණය 3,101 ක් බවත් එය 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කරන ලද මුළු කාර් ප්‍රමාණය වන 3,487 හා සැසඳීමේ දී සියයට 11 ක පහළ යාමක් බවත් වාර්තා වේ.
JB Securities විසින් සිදුකරන ලද අධ්‍යයනයක දී මේ බව අනාවරණය වී ඇත. මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ ලියාපදිංචි කර ඇති සමස්ත මෝටර් රථ ප්‍රමාණය වන 45,218 හා සැසඳීමේ දී ජනවාරි මාසය තුළ කර ඇති වාහන ලියාපදිංචිය 42,443 ක් ලෙසින් සඳහන් වේ. මෙය සියයට 6 ක පහළ යාමකි.
මෙලෙස ලියාපදිංචි කර ඇති වාහනවලින් ඒකක 31,158 ක්ම සමන්විත වී ඇත්තේ යතුරුපැදි වලිනි. මේ අතර 2017 ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ඇති ත්‍රීවීල් රථ ප්‍රමාණය 3,327 ක් වන අතර 2016 දෙසැම්බර් මාසයේ දී ලියාපදිංචි කර ඇති ත්‍රීවිල් ප්‍රමාණය වූ 6,057 හා සැසඳීමේ දී සියයට 45 ක පහළ යාමකි.
2017 අයවැය යෝජනාවලට අනුව මෝටර් රථ වාහන සඳහා මූල්‍යකරණයේ දී සීමාවන් පැනවීම හේතුවෙන් මෙලෙස ඇතැම් වාහන කාණ්ඩවල ලියාපදිංචියෙහි විශාල පහත යාමක් වාර්තා වී තිබෙන බව අධ්‍යයනය සිදුකරනු ලැබූ JB Securities ආයතනය සඳහන් කර සිටී. නව මෝටර් කාර් රථ සඳහා වන අගය මත ණය සීමාව (LTV) කාර් සඳහා 50% ක් හා ත්‍රීවිල් රථ සඳහා 25% ක් දක්වා එහිදී සීමා පැනවිණි.
– biz.adaderana.lk
Friday, March 3, 2017
කාර් හීනය දිය වී යයි.. ජනවාරියේ කාර් විකිණිල්ල 3101යි…
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment