ඊට අකමැති මව්වරුන්ට නිවෙස් වෙත යා නොදී දින ගණනක් රෝහල් වාට්ටු තුළ අලුත උපන් බිළිදාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවද සඳහන්.
මේ පිළිබද මව්වරුන් ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ උපත් පාලන උපකරණය සවි කිරීමට අකමැත්ත පළ කළහොත් දරුවාගේ උප්පැන්න සහතිකය ලියන පෝරමය පවා ලබා නොදෙන බවයි.
දඹුල්ල රෝහලේ සිදුවන බව කියන මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පිරිසක් ලිඛිතව බලධාරීන් වෙත පැමිණිලිද කර තිඛෙනවා. රෝහලේ ගැබිණි වාට්ටුවේ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරියක් මෙලෙස බලපෑම් කරන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී චාල්ස් නුගවෙල කියාසිටියේ මෙවැනි සිද්ධියක් පිළිබද පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබද වහාම පරීක්‍ෂණයක් සිදුකරන බවත්ය. රෝගීන්ගේ අකමැත්තෙන් කිසිදු ප‍්‍රතිකාරයක් කිරීමට නොහැකි බවද දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් කියාසිටියා.
No comments:
Post a Comment