කියන්නෙ නැතිව දීග ගිය දුව නිසා පියා ගෙට ගිනි තියලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

කියන්නෙ නැතිව දීග ගිය දුව නිසා පියා ගෙට ගිනි තියලා


දුම්මලසූරිය පොලිස් වසමට අයත් පලුගමුව ප්‍රදේශයේ නිවෙසක් ඊයේ 5දා එම පවුලේම ස්වාමිපුරුෂයා විසින් ගිනි තබා විනාශ කර ඇත.
බිරිය හා සැමියා මින් පෙර

පවුලේ ඇති ප්‍රශ්නයක් හේතුවෙන් වෙන්වී ජීවත් වී ඇත. සිය දියණියගේ විවාහ උත්සවය 3දා පවත්වා ඇති අතර ඒ පිළිබඳව බිරිය විසින් සිය පවුලෙන් වෙන්ව සිටි සැමියා දැනුවත් කර නොතිබීම හේතුවෙන් පළිගැනීමට සිතූ සැමියා දියණියගේ විවාහයේ දෙවැනි දිනයේදී නිවෙසේ කිසිවකුත් නොමැති අවස්ථාවක් බලා රතිඤ්ඤා දල්වමින් නිවෙසට ගිනි තබා ඇත.

ගින්නෙන් මුළු නිවසම දැවී ඇති අතර නිවසේ තිබූ රුපියල් ලක්ෂ 3කට ආසන්න උපකරණ ගින්නෙන් දැවී විනාශ වී තිබේ.
අදාළ කාන්තාවද විදේශගතව සිට දියණියගේ විවාහ උත්සවය වෙනුවෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ සැමියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ දුම්මලසූරිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.
(වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා)

No comments:

Post a Comment

Post Bottom Ad