බන්ධනාගාර කැරැල්ලේදී මියගිය අයට වන්දි ලබාදීමෙන් රජය සිද්ධිය යටගහනවාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 2, 2017

බන්ධනාගාර කැරැල්ලේදී මියගිය අයට වන්දි ලබාදීමෙන් රජය සිද්ධිය යටගහනවාලු

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී ඇතිවූ කැරැල්ලේදී මියගිය පුද්ගලයන් දහසය දෙනකුට වන්දි ලබාදී එම සිද්ධිය යටපත් කිරීමට රජය ගෙන ඇති උත්සාහය තම කමිටුව තරයේ හෙළා දකින බවත් මියගිය අයට හා ඔවුන්ගේ ඥාතීන්ට සැබෑ සාධාරණත්වය, යුක්තිය ඉටු කිරීමට නම් රජය කළ යුත්තේ
වන්දි ලබාදීමට පෙර

එම සමූහ ඝාතනයට වගකිව යුත්තන් අත්අඩංගුවට ගැනීම බවත් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

එම කැරැල්ලේදී පුද්ගලයන් 27 දෙනකු ඝාතනය වී ඇති අවස්ථාවක 16 දෙනකුට පමණක් වන්දි ලබාදීමට ක්‍රියා කිරීම විහිළුවක් බවත් සෙසු පුද්ගලයන් බන්ධනාගාරය තුළ සියදිවි නසා ගත්තා දැයි රජයෙන් ප්‍රශ්න කරන බවත් එම සංගමය පවසයි.

මහින්ද රාජපක්ෂ පාලනයෙන් එම කැරැල්ල සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණු නිසා තම සංගමයේ බලවත් බලපෑම මත යහපාලනය රජය විසින්ද එම සමූහ ඝාතනය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේශ රජය වෙත ලබාදී වසරකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් වත්මන් රජයද එම සාධාරණය ඉටු කිරීම පැහැර හැර ඇති බවත් එම සංගමය එවා ඇති නිවේදනයේ සඳහන්ය.
(කුමුදු උපුල් ශාන්ත)

No comments:

Post a Comment

Post Bottom Ad