උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු



උපත් පාලන සැත්කම් නොකරන මව්වරුන්ට
දඹුලු රෝහලේ ටිකට් කපන්නෑලු

දඹුල්ල රෝහලේ අලුතින් දරු උපත් සිදු කරන මව්වරුන්ට බලහත්කාරයෙන් උපත් පාලනය කිරීමේ සිදුවීමක් පිළිබඳ වාර්තාවේ.
සාමාන්‍යයෙන් දරු උපතක් සිදුවූ පසුව තවත් දරු උපතක් සිදු කරගැනීමට  ඇති කැමැත්ත හෝ අකමැත්ත එම මවගේ හෝ ඇගේ ස්වාමිපුරුෂයාගේ අභිමතය මත සිදුවිය යුතු නමුත්
අලුතින් දරු උපත් සිදු කරන සෑම මවකටම උපත් පාලනය සම්බන්ධයෙන් බලපෑම් කාරී ලෙස දැනුවත් කර පසුව එම සැත්කම් කරන අයට පමණක් රෝහලෙන් පිටව යාමට අවසරය හා අනෙක් අය තවදුරටත් රඳවා තබාගන්නා පිළිවෙතක් මෙම රෝහල මගින් අනුගමනය කර තිබේ.
මේ නිසා දරු උපතින් පසු අසනීප තත්වයෙන් පසුවන ඇතැම් මව්වරුන් පවා අපහසුතාවයන්ට ලක්ව තිබෙන අතර මේ ආකාරයේ උපත් පාලන ක්‍රමවේදයක් සිදු කරන්නේ කාගේ උවමනාවටද යන්න ගැන සැකයක්ද මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් රෝහලේ අධිකාරී චාල්ස් නුගවෙල මහතා වෙතක පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. ඔහ්‍ර මාධ්‍ය වෙත දන්වා ඇත්තේ සිදුවීම ඇත්තක් බවත් එම බලපෑම කරන අය ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්ය..
සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad