නීතීඥයින් එපා කියා තනියෙන් උසාවියේ කථාකළ විමල් තව සති 2 ක් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

නීතීඥයින් එපා කියා තනියෙන් උසාවියේ කථාකළ විමල් තව සති 2 ක් රිමාන්ඩ්

රජයේ වාහන 90ක් අවභාවිත කළැයි චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරයේ මාස එකහමාරක් තිස්සේ
ගත කරන

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් කිසිදු නීතීඥයකු පෙනී නොසිටි බව වාර්තාවේ.
වීරවංශ මහතා විත්ති කුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉල්ලා සිටි අතර එම ප්‍රකාශය කෙටියෙන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට නියෝග කළාය.
පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මේ මස 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  නියෝග නිකුත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad