ඇමරිකානු කාන්තා නාවික නිලධාරිනියන්ගේ නිරුවත් ෆොටෝ ලීක්වීම ගැන පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

ඇමරිකානු කාන්තා නාවික නිලධාරිනියන්ගේ නිරුවත් ෆොටෝ ලීක්වීම ගැන පරීක්ෂණ


ඇමරිකාවේ කාන්තා නාවික නිලධාරිනියන් රැසකගේ පුද්ගලික දත්ත හා නග්න ඡායාරූප රැසක් අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භවී ඇති බව සීඑන්එන් පුවත් සේවාව වාර්තා කරයි.

මෙම ඡායාරූප මුල්වරට මුදාහැර ඇත්තේ "Marines United" නමැති ෆේස්බුක් සමූහයක් විසිනි.
එහි එක්තරා අයෙකු පළ කළ යොමු ලිපිනයකින් ගූගල් ඩ්‍රයිව් ෆෝල්ඩරයක් තුළ තිබුනේ යයි කියන සිය ගණනක් වූ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර ඇත.
මේ තුළ දැනට සේවයේ නිරතවන ඇමරිකානු නාවික සේවයේ නම් දැරූ නිලධාරිනියන් රැසකගේ නග්න හා අර්ධ නග්න ඡායාරූප තිබී ඇත.
මෙම ඡායාරූප මේ ආකාරයට මුදාහරින්නට හැකිවූයේ කෙසේද යන්න අපැහැදිලි වන අතර ඒවා බොහොමයක් ඒ ඒ නිලධාරිනියන්ගේ පුද්ගලික ඡායාරූප ගොනුවලින් රහසින් උපුටාගත් ඒවා විය හැකි බවට සැක කෙරේ.
මේ සම්බන්ධයෙන් ගුගල් හා ෆේස්බුක් සමාගම් ඇමරිකානු ආරක්ෂක අංශ මගින් දැනුවත් කිරීමෙන් පසු අදාළ ඡායාරූප මකාදමන්නට කටයුතු කර ඇත.
සිද්ධිය ගැන පරීක්ෂණ තවමත් සිදුවේ.


No comments:

Post a Comment

Post Bottom Ad