ලංකාවෙන් ගත් ගුවන් යානය පාකිස්තානය නැවත බාරදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

ලංකාවෙන් ගත් ගුවන් යානය පාකිස්තානය නැවත බාරදෙයි

ලංකාවෙන් ගත් ගුවන් යානය පාකිස්තානය නැවත බාරදෙයි

කල්බදු ක්‍රමය යටතේ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් මිලට ගත් ඒ- 330 ගුවන් යානය නැවතත් ශ්‍රී ලංකාවට බාරදීමට පාකිස්තානය තීරණය කර තිබේ.

ඩොලර් මිලියන 19ක කල්බදු අගයක් යටතේ පාකිස්තානය මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් මිලට ගත් අතර එය ලන්ඩනය හා ඉස්ලාමාබාද් අතර සේවයේ යෙදවීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් ගුවන් යානය ධාවනයේ යෙදෙන සෑම පැයකට ඩොලර් 8000ක වියදමක් දැරීමට සිදුවීමත් අපෙක්ෂා කළ පරිදි ගුවන් යානය යොදා ගැනීම හරහා ලාභ ලබා ගැනීමට නොහැකිවීමත් හේතුවෙන් පාකිස්තානය නැවතත් එම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලබදීමට තිරණය කර තිබේ.

පසුගිය වසරේ අගොස්තු මාසයේදී මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් කල්බදු ක්‍රමයට මිලට ගැනීමට පාකිස්තාන ගුවන් සේවය කටයුතු කරනු ලැබීය. මේ වන වට එම ගුවන් යානය පාකිස්තාන ජාත්‍යත්තර ගුවන් සේවය ඉංජිනේරු අංශයට යොදවා පාකිස්තාන ලාංඡන ඉවත්කර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ලාංඡන එකතු කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1

2

No comments:

Post a Comment

Post Bottom Ad