රූපලාවන්‍ය ද්‍රව්‍ය තැනීමට ගන්නා තිලාපියා කොරපොතු අපනයනයට වැඩසටහනක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

රූපලාවන්‍ය ද්‍රව්‍ය තැනීමට ගන්නා තිලාපියා කොරපොතු අපනයනයට වැඩසටහනක්


ඉතා උසස් තත්ත්වයේ මිල අධික රූපලාවන්‍ය ද්‍රව්‍ය සැකසීම සඳහා 'තිලාපියා' මසුන්ගේ සම සහ කොරපොතු අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
පසුගියදා ධීවර ඇමැති මහින්ද
අමරවීර මහතා හමුවූ දේශීය ව්‍යාපාරිකයකු මේ සම්බන්ධයෙන් ඇමැතිවරයා දැනුවත් කර ඇති අතර මේ සදහා විදේශ වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ඔහු විසින් පෙන්වා දී තිබේ.

තිලාපියා මසුන්,ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය ජලාශවල ඉහළ අස්වැන්නක් ලැබෙන අතර එම මසුන් ගේ සම හා කොරපොතු යොදා ගෙන විදේශ රටවල් කාන්තා රූපලාවන්‍ය ඉහළ නංවන 'ෆේෂල්' සත්කාරක නිපදවන බවත් මෙම සාකච්ඡාවෙදී අනාවරණය වී ඇත.

සම පෝෂණය කරන විටමින් E ,D, K ආදි විටමින් වර්ග රැසක් තිලාපියා මසුන්ගේ කොරපොතු හා සමෙහි අඩංගු වන බැවින් ‍ඉවත ලන මේ මත්ස්‍ය කොටස් අපනයනය කිරීමෙන් ධීවර කාර්මිකයින්ට අමතර ආදායම් ඉපැයිය හැකි බවද අනාවරණය වී තිබේ.

ධීවර ක්ෂේත්‍රය සම්බන්ධ ආර්ථික උත්පාදන ක්‍ෙෂ්ත්‍රයක් ලෙස මෙය දියුණු කිරීමට හැකි වන ලෙස අදාල විදේශීය සමාගම් සමග සාකච්ඡා කර එම මත්ස්‍ය කොටස් සඳහා ඉහළ මිලක් නියම කර ගන්නා ලෙස ඇමැති මහින්ද අමරවීර මහතා එම දේශීය ව්‍යාපාරිකයාට උපදෙස් ලබා දුන් අතර මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි ධීවර අමාත්‍යංශ නිළධාරින් ට දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad