‘ජනපතිට කියන්න‘ වැඩසටහනේ ප‍්‍රථම ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (04) ආරම්භ කෙරිණි.
ජනාධිපති ධූරයේ වර්ෂයක් සපිරීම නිමිති කර ගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා 2016 ජනවාරි 08 වනදා ,ජනපතිට කියන්න, වැඩසටහන හඳුන්වාදෙන ලදී.
රජයේ සේවා සැපයීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායි ප‍්‍රතිචාර හා විසඳුම් ලබාදීමට පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි.
මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ http://ift.tt/2lrUt8Z වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ tell@presidentsoffice.lk යන ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් යොමු කිරීම මඟින් හෝ තැපැල් පෙට්ටිය අංක 123, කොළඹ යන ලිපිනයට ලිපි එවීම මගින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ‘ජනපතිට කියන්න’ වැඩසටහන හරහා ලබා දී තිබේ.
ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් පරික්ෂා කෙරෙන අතර. එහිදී එම පැමිණිලි/දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලැබේ.
දැනට, ජනපතිට කියන්න, වැඩසටහන වෙත ලැබී ඇති පැමිණි සංඛ්‍යාව 109826 ක් වන අතර එයින් විසඳා අවසන් කළ පැමිණිලි සංඛ්‍යාව 35,999 කි. විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 58,273 ක් වන අතර පරික්ෂා කිරීමට ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව 9771 කි.
උතුරු පළාතේ ජනතාවට සිය දුක්ගැනවිලි, පැමිණිලි, අදහස් හා යෝජනා අද විවෘත කෙරුණු නව කාර්යාලයට පැමිණ බාරදීමේ හැකියාව අද සිට හිමි වේ. මෙම කාර්යාලය සඳහා ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අනුයුක්ත කර ඇති අතර ගැටලු සඳහා ප‍්‍රතිචාර එම කාර්යාලයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී.
නව කාර්යාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු ද අධීක්ෂණය කරනු ලැබීය.
No comments:
Post a Comment