මාලඹේ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ තීරණයක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

මාලඹේ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ තීරණයක්!

මාලඹේ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ තීරණයක්!

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නව වසරේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පිළිබඳව මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් දැනුම්වත් කිරීම සඳහා අමාත්‍යවරයා මහනුවරට පැමිණි අවස්ථාවේ මෙම අදහස් පල කළේය.

ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගත් අමාත්‍යවරයා ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැ දුටුවේය.

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද හමුවූ අමාත්‍යවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල රජයට පවරා ගැනීම පිළිබඳ උන්වහන්සේ සමග අදහස් පල කළේය.

එහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය.

“රෝහල අපි ගන්නවා ආණ්ඩුවට. එතකොට රෝගීන්ගේ අඩුවක් විතරනේ ඔතන තියෙන්නේ. ප්‍රමිතිය තමා වැදගත් ප්‍රමිතිය හාමුදුරුවනේ ඔක්කොම විසඳලා තියෙන්නේ. ඔක්කොම පහසුකම් තියෙනවා රෝගීන් නෑත ඒක ආණ්ඩුවට ගත්තානම් ආණ්ඩුව නිකම් දෙනකොට රෝගීන් පිරෙනවා ඕන තරම්. ඒ පැත්තට රෝහලක් නෑ.“

අමාත්‍යවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදුටුවේය .

No comments:

Post a Comment

Post Bottom Ad