ලක්ෂ 9ක ජල බිල් බෙදාහැරීම් අඩාලයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

ලක්ෂ 9ක ජල බිල් බෙදාහැරීම් අඩාලයි 

ලක්ෂ 9ක ජල බිල් බෙදාහැරීම් අඩාලයි 

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පෙබරවාරි මාසයට අදාළ ජල බිල්පත් ලක්ෂ 9කට අධික ප්‍රමාණයක් බෙදාහැරීම අඩාල වී ඇතැයි ජල සම්පාදන මණ්ඩලයේ මනු සටහන්කරුවන්ගේ සංගමය පවසයි.

කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගත් මනු සටහන්කරුවන් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමින් ඔවුන් පසුගිය 17 වන දා අකුරට වැඩ කිරීමේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

ජල සම්පාදන මණ්ඩලයේ මනු සටහන්කරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සෙනරත් අර්ථජීව මහතා පැවසුවේ, බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අඛණ්ව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව ය.

මේ අතර වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ජල සම්පාදන මණ්ලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය පසුගිය 9 වන දා ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද අද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

සිය වර්ජනය හේතුවෙන් දිවයින පුරා නඩත්තු කටයුතු රැසක් අඩාලවී ඇති බව එම වෘත්තීය සමිතියේ සභාපති උපාලි රත්නායක මහතා පැවසීය.

ඊට ප්‍රතිචාර දැක් වු ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපති අලහුඩින් අන්සාර් මහතා පැවසුවේ, කිසිදු බාධාවකින් තොරව ජල සැපයුම සිදු වන බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad