මන්ත්‍රී ඉන්දිකගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය කථානායකගෙන් අවසර ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

මන්ත්‍රී ඉන්දිකගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය කථානායකගෙන් අවසර ඉල්ලයි

මන්ත්‍රී ඉන්දිකගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය කථානායකගෙන් අවසර ඉල්ලයි

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට මරණීය තර්ජන කළැයි පැවසෙන ගම්පහ දිස්‌ත්‍රික්‌ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතාගෙන් කටඋත්තර ගැනීමට කථානායකවරයාගේ අවසරය ලබාගැනීම සඳහා ලිඛිතව දැනුම් දුන් බව දිවුලපිටිය පොලිසීයේ ආරංචි මාර්ග පවසයි.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගිය 28 වැනිදා පැවැති සංවර්ධන රැස්‌වීමේදී මන්ත්‍රීවරයා තමාට මරණ තර්ජන කළැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එම සංවර්ධන රැස්‌වීමට පැමිණි ජනතාවගෙන් ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad