ජනපති ඉන්දුනීසියාවට ළගා වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

ජනපති ඉන්දුනීසියාවට ළගා වෙයි

ජනපති ඉන්දුනීසියාවට ළගා වෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (06) දහවල් ජකර්තා නුවර Soekarno Hatta ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

ඉන්දුනීසියානු රජය වෙනුවෙන් එරට මහජන උපයෝගීතා සහ නිවාස අමාත්‍ය Basuki Hadimuljono මහතා ඇතුළු විශේෂ ඳුත පිරිසක් විසින් මෙහිදී ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව හෙට (07) පෙරවරුවේ ජකර්තා නුවරදී ඇරඹෙයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහි සමාරම්භක උත්සවයට සහභාගීවීමට නියමිත අතර ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට පෙ.ව 11.00 ට පමණ සමුළුව ඇමතීමට නියමිතය.

මේ අතර ඉන්දුනීසියාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබෙන ඉන්දුනීසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග සුහද හමුවකට ද ජනාධිපතිවරයා අද පස්වරුවේ එක් වෙයි.

අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්වන වී. රාධකි‍්‍රෂ්ණන්, සූජීව සේනසිංහ, දිලීප් වෙදආරච්චි යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad