නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි මරදාන OIC ගේ මරණය අභිරහසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 6, 2017

නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි මරදාන OIC ගේ මරණය අභිරහසක්


නිල කාමරයේ විදුලි පංකාව යට මියගොස් සිටි
මරදාන OIC ගේ මරණය අභිරහසක්

ඊයේ (5) සවස 3 ට පමණ මරදාන පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති නිහාල් ජයවීර (58) ගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි පොලිසියට අනුයුක්ත නිල කාමරයේ විදුලි පන්කාවක් අසළ බිම වැටී සිටියදී සොයාගනු ලැබිණි. මළ සිරුර සොයාගන්නා අවස්ථාවේ ඔහුගේ ගෙළෙහි කැඩී ගිය වයර් කැබැල්ලක්ද
එතී තිබී හමුවී තිබුණි.
එම වයරයේ අග කොටස විදුලි පංකාවේ එල්ලෙමින් තිබී ඇත.ඒ අනුව ඔහු විදුලි පන්කාවේ එල්ලී දිවිනසාගෙන ඇති බවක් හා පසුව ඔහු ඇද වැටී ඇති බවක් හඳුනාගන්නට හැකිව තිබේ.
මෙම පොලිස් නිලධාරියා වාසය කරන පොලිස් නිල නවාතැනේ තවත් පොලිස් නිලධාරියෙකුද වාසය කරමින් සිට ඇතත් ඔහු සිද්ධිය ගැන දැනගෙන ඇත්තේ සිය රාජකාරී පැය ගණන අවසන් කර දහවල් 2 ට පමවණ නවාතැනට ආ අවස්ථාවේය. ඔහුට වෙනදා මෙන් දොර ඇරගන්නට අපහසුවී පසුව කවුළුවක් හැර බැලීමේදී ස්ථානාධිපතිවරයා එහි ඇදවැටී සිටිනු දැක ඇත.
ඒ අනුව අනෙක් අයටද දන්වා දොර කඩා බැලීමේදී මෙම නිලධාරියා සියදිවිනසාගත් ආකාරයක් හඳුනාගන්නට ලැබී තිබේ.
විශ්‍රාම ගන්නට තවත් සුළු කාලයක් පමණක් ඉතිරිව තිබියදී මෙම නිලධාරියා මේ ආකාරයට දිවිනසාගන්නට හේතුව පැහැදිලි නැත.
මරදාන පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති ලෙස මෙම නිලධාරියා දඩුවම් මාරුවක් මත සේවයට පැමිණ ඇත්තේ මීට වසර 2 කට පමණ පෙරයි. එහු මින් පෙර ගිරිබාව පොලිසියේ ස්ථානාධිපති ලෙස සිටියදී රාජකාරී පැහැර හැරීමක් ලෙස මරදානට දඩුවම් මාරුව ලබාදී තිබුණි.
ඔහුට මේ ආකාරයට මියයන්නට හේතු මොනවාදැයි තේරුම් ගත නොහැකි බව ඔහු සමග සිටි අනෙක් නිලදාරියා පවසා ඇත.
ඔහු මියගියේ විදුලි පන්කාවේ සවිකළ වයරයට ගෙල සිරවීමෙන්ද නැතිනම් ඉහළ සිට ඇද වැටීමෙන්ද යන්නද අපැහැදිලි බව පැවසිණි.
මෙම සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ සවස සිදු කරන්නට නියමිතව තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad