මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාර එල්ලවීමෙන් පසු සහ ඊට පෙර එම වෛද්‍යවරයා සහ මෙම සැලැසුමේ ප්‍රධානියකු වන කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයා අතර දුරකතන සංවාද රාශියක් හුවමාරු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එසේම සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබිමේ ව්‍යාජ සිදුවීම් සැලසුම්කර ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කරන කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයා සහ කොටිකාවත්ත- මුල්‍ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියදුරා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් කිහිපක්ම දිවයිනේ ප්‍රදේශ රැසක පිටත්කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
සමීර සේනාරත්න සහ අදාළ මන්ත්‍රීවරයා අතර පැවැති සැකකටයුතු දුරකථන සංවාද කිහිපයක් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් විමර්ශන කණ්ඩායම් විසින් යොමු කර ඇත.
කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන පවත්වන බව ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසී ය.
No comments:
Post a Comment