අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර වෙන්දේසියට ඇවිත් - ජනපති කොමිසමේදී හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර වෙන්දේසියට ඇවිත් - ජනපති කොමිසමේදී හෙළිවෙයි

අර්ජුන් මහේන්ද්‍රන් බැදුම්කර වෙන්දේසියට ඇවිත් - ජනපති කොමිසමේදී හෙළිවෙයි
බැඳුම්කර නිකුතුව සිදු වන අවස්ථාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුතුව සිදු වු රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ කාර්යාලයට පැමිණියේ යැයි ද මීට පෙර සිටි කිසිම මහබැංකු අධිපතිවරයකු කිසිම දිනෙක බැඳුම්කර නිකුතුවක් සිදු වන අවස්ථාවේදී එම කාර්යාලයට පැමිණ නැතැයි ද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානිය ලෙස දීර්ඝ කාලයක් සේවය කළ නානායක්කාර මහතා මෙම බැඳුම්කර වෙන්දේසිය සිදුවීමට ආසන්න කාලයේදී එම තනතුරින් ඉවත් කොට ඒ වෙනුවට සෙනෙවිරත්න මහත්මිය පත් කළේ යැයි පැවසු ආචාර්ය ආර්ෂින් මහතා මෙම බැඳුම්කර වෙන්දේසිය සිදුවන අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා සෙනෙවිරත්න මහත්මියගේ නිල කාමරයට පැමිණ බැඳුම්කර වෙන්දේසියට අදාළ තොරතුරු විමසා සිටියේ යැයිද වැඩිදුරටත් පැවසීය.

ඊට අදාළ සාක්ෂි ලබා දෙමින් මොහොමඩ් සෙයිඩ් කියා සිටියේ තම සේවා කාලය තුළදී මහ බැංකු අධිපතිවරයෙකු බැඳුම්කර වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාවකට එලෙස සහභාගි වී නොමැති බවයි. ඊයේ (02) සාක්ෂි විමසමින් සිටියදි බැඳුම්කර සිද්ධියට සම්බන්ධ ප්‍රශ්නගත ගැසට් නිවේදනය පිළිබඳ රජයේ නිතීඥවරයා ප්‍රශ්න කළ අතර, එහිදී කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්.ජයවර්ධන කියා සිටියේ එම ගැසට් පත්‍රය නිසා කොමිසමේ කටයුතු වලට බාධාවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි.

එය මුල් කරගනිමින් කාලය නාස්ති කිරිමට සුදානම් නොමැති බව කොමිසම එහිදී අවධාරණය කළේය. කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබා දෙමින් ආචාර්ය මොහොමඞ් සෙයිඞ් පෙන්වා දුන්නේ 1997 වසරේ සිට  2008 දක්වා බැදුම්කර නිකුතු වෙන්දේසි ක්‍රමයට සිදුවු බවත් පසුව එය ඍජු තැන්පත් ක්‍රමයට මාරු කළ බවත් 2015 වසරේ සිට යලිත් වෙන්දේසි ක්‍රමයට බැදුම්කර නිකුත් කිරිම සදහා මුදල් මණ්ඩලය තීරණය කළ බවත්ය.

වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් ඔහු පැවසුවේ 2015 වසරේ මාර්තු 02 වනදා වනවිට රජයට රුපියල් බිලියන 13.55 ක මුදලක් අවශ්‍යව තිබු බවත් ඉන් රුපියල් බිලියනයක් සපයා ගැනීමට එම වසරේම පෙබරවාරි 20 වනදා බැඳුම්කර වෙන්දේසියක් සඳහා නිවේදන නිකුත් කළ බවත්ය. ඒ අනුව පැවති වෙන්දේසිය අතරතුර හිටපු මහ බැංකු අධිපතිවරයා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි බවත් මීට පෙර තමන් හෝ තම ජ්‍යෙෂ්ඨ නිලධාරින් එවැනි අත්දැකීමකට මුහුණ දී නොසිටි බවත් ඔහු සඳහන් කළේය.

හිටපු අධිපතිවරයා පැමිණ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සි.ඞී.කේ.සෙනෙවිරත්නගෙන් කරුණු 03 ක් පිළිබඳ විමසූ බව පැවසූ අතිරේක අධ්‍යක්ෂවරයා ඒ වනවිට වෙන්දේසිය අවසන් වී නොතිබු නිසා එම විමසීමට අධ්‍යක්ෂවරිය පිළිතුරු ලබා නොදුන් බවයි. කෙසේ වෙතත්, රජයට අවශ්‍ය ඉතිරි මුදල වෙන්දේසි ක්‍රමයෙන්ම සපයා ගන්නා ලෙසට එහිදි හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශ කර ඇති අතර මෙම සංවාදය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඉදිරිපස කාර්යාලයේ ප්‍රධානියා වෙන්දේසිය තවදුරටත් දීර්ඝ කරන ලෙසට පෞද්ගලික බැංකුවකින් ඉල්ලීමක් කළ බවයි සාක්ෂි ලබා දෙමින් අතිරේක අධ්‍යක්ෂකවරයා තවදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ඊට අවසර ලබා දි ඇති අතර එම කාලය තුලදි අදාල පෞද්ගලික බැංකුව රුපියල් බිලිනයක ලංසුවක් තැබූ බවද කොමිසමේදි හෙළිදරව් විය. ලංසු කාලය අවසන් විමෙන් පසු කල නිරීක්ෂණයේදි අනාවරණ වී ඇත්තේ ලංකා බැංකුව, තමන් වෙනුවෙන් ප්‍රථමයෙන් සුළු මුදලක් ලංසු තබා අනතුරුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් රජයට අවශ්‍ය සම්පුර්ණ මුදල ආවරණය වන පරිදි රුපියල් බිලියන 13.58ක් ලංසු තබා තිබූ බවයි. ඊයේ දිනයට සාක්ෂි විමසිම අවසන් කරමින් මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කලේ තැබු සියලූ ලංසු රජයට වාසිදායක අයුරින් වර්ගීකරණය කර ටෙන්ඩර් මණ්ඩලයට යොමුකළ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම බැඳුම්කර ගනුදෙනුවට අදාළ සාක්කි දෙමින් ආර්ෂින් මහතා එසේ පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad