බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වු ගැසට් නිවේදනයට හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෙදීම වැරදි කි‍්‍රයාවක් බව මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් විසින් ඊයේ (02) පැවැත් වු මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ගැසට් නිවේදනයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෙදීම තුළින් සිදුව ඇති වැරුද්ද හිතා මතා සිදු කරන ලද්දක් ද නැතිනම් අත්වැරදීමක් නිසා සිදු වු දෙයක් ද යන්න සොයා බලා එය නිවැරදි කර ගැනීම අද දවසේ කළ යුතුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment