විමල් වීරවංශ මහතාට හෝ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට අවශ්‍යනම් වෙන් වෙන් වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඉවත් විය හැකි බව එජනිස මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවන බැවින් පක්ෂයක් ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළේ ය.
ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු බවත් ඔවුන්ට ඉවත් වීමට අවශ්‍ය නම්, වෙන් වෙන් වශයෙන් සන්ධානයෙන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළ හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු මෙන්ම සියලුම දේශපාලන පක්ෂ තවදුරටත් එක්ව කටයුතු කළ යුතු බැවින් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දරුණු විවේචනවලට නොයන බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් පවතින ඇතැම් චෝදනා හෙළිදරව් නොකරන්නේද තවදුරටත් එක්ව කටයුතු කළ යුතු නිසා බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:
Post a Comment