මෛත්‍රීව ශ්‍රීලනිපයෙන් ඈත් කිරීමට එජාපයෙන් කුමන්ත්‍රණයක් (VIDEO)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

මෛත්‍රීව ශ්‍රීලනිපයෙන් ඈත් කිරීමට එජාපයෙන් කුමන්ත්‍රණයක් (VIDEO) 

මෛත්‍රීව ශ්‍රීලනිපයෙන් ඈත් කිරීමට එජාපයෙන් කුමන්ත්‍රණයක් (VIDEO) 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ඈත් කිරිමේ උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර ගැටුමක් ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සෑම වැඩකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව භාවිත කරන බව ද ඉසුරු දේවප්‍රිය මහතා කියා සිටියේය.

මෙවැනි උපක්‍රම තුළින් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණ හිමිනොවන බවද ඊයේ (22) කොළඹ නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. 

මන්ත්‍රීවරුන් 82ක් සිටින එක්සත් ජාතික පක්ෂය අද දවසේ පවා හැසිරෙන්නේ මෙරට පාලනය කරන්නේ තමන් බවට හැඟෙන ආකාරයට බවත්, එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද මන්ත්‍රීවරුන් 82ක් සිටින බව එක්සත් ජාතික පක්ෂය දැන ගතයුතු බවත් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පවතින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බවට සඳහන් කරන සෑම දෙනෙකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරුන් 82ක් සිටින බව සේම රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද දැනගත යුතු යැයිද වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න....

No comments:

Post a Comment

Post Bottom Ad