කුණු පිස දැමීමට හා කුණු අතපතගෑමට බුදුරුව යොදලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

කුණු පිස දැමීමට හා කුණු අතපතගෑමට බුදුරුව යොදලා

කුණු පිස දැමීමට හා කුණු  අතපතගෑමට
බුදුරුව යොදලා

ඉන්දියාවේ සිට ගෙන්වන ලද බුදුරුවට නිගාවන අයුරින් මුද්‍රණය කර තිබූ ඒප්‍රන් 5000කට ආසන්න
සංඛ්‍යාවක් සහ අත්වැසුම් 4000කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ කොළඹ වරායේදී ශ්‍රී ලංකා රේගු භාරයට
ගනු ලැබුවා.

බුදුරුවට නිගාවන ලෙස කුණු පිස දැමීම හා කුණු  අතපතගෑම සඳහා භාවිත වන උපාංග වලට බුදුරුව එක්කර තිබුණි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද බුදුරුව සහිත මෙම භාණ්ඩ තොග තූත්තුකුඩියේ සිට කොළඹ වරාය හරහා ස්ලෝවැකියාවට යැවීමට කටයතු යොදා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා  පැවසීය.

සෙන්ට් ජෝන් ආර්ක් නෞකාවෙන් නොවැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවට ලැබුණු බහාලුමක මෙම බුදුරුව සහිත භාණ්ඩ තොගය තිබි ඇති බව මූලික රේගු විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදන ආයතනයට එරෙහිව කටයුතු කරන ලෙසට ඉන්දීය රේගුවට දන්වා ඇති බවද  වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අපනයන අංශය මගින් සිදුකරන බවද වාර්තාවේ.


No comments:

Post a Comment

Post Bottom Ad