උඩුවේ හිමිගේ පන්සල අවට නොතීසි අලවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

උඩුවේ හිමිගේ පන්සල අවට නොතීසි අලවයි

උඩුවේ හිමිගේ පන්සල අවට නොතීසි අලවයි
අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන නඩුවකට අධිකරණයේ පෙනී සිටින ලෙස ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි බාර දීමට ගියත් ඒ හිමියන් නොසිටි බව පිස්කල්වරු ඊයේ(22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මියට දැනුම් දුන්හ.

එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඇලන් මැතිනියාරාමය අවට නොතීසි අලවන ලෙස නියෝග කළාය. අධික ශබ්දය නිසා තමන් පීඩාවට පත් වන බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගොනු කැරුණු නඩුවක දී එම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ජනවාරි 03 වැනිදාට කල් තැබුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad