රනිල් තිරුපති වඳින්න ඉන්දියාවට ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

රනිල් තිරුපති වඳින්න ඉන්දියාවට ගිහින්


ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ විශේෂ පූජාවකට එක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ
(21දා) පස්වරු 1.55ට ඉන්දියාවේ

චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ. 

මේ ආගමික සංචාරය සඳහා අගමැති බිරිය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය හා අගමැතිවරයාගේ ආරක්ෂකයන් දෙදෙනකුද එක්ව තිබේ.

තිරුපති කෝවිලේ විශේෂ පූජාවට අද (22දා) දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිතය. ඉන් අනතුරුව අද (22දා) දිනයේදීම අගමැතිවරයා ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නියමිත බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මින් ඉහත 2016 ජුලි මාසයේදීද අගමැතිවරයා අවසන් වරට තිරුපති වඳින්නට ගොස් තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad