කොළඹදී නං කවුරුවත් ඇල්ලුවෙ නෑ -මාතරදී හසුවූ කෝටි 20 හමර් රථයේ හිමිකරු කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

කොළඹදී නං කවුරුවත් ඇල්ලුවෙ නෑ -මාතරදී හසුවූ කෝටි 20 හමර් රථයේ හිමිකරු කියයි


කොළඹදී නං කවුරුවත් ඇල්ලුවෙ නෑ - මේක මාස කීපයයි මෙහෙ පදින්නේ
මාතරදී පොලිසියට හසුවූ කෝටි 20 හමර් රථයේ හිමිකරු කියයි

ඇමරිකාවේ නිෂ්පාදිත රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් අංක තහඩු නොමැති හමර් වර්ගයේ ජීප් රථයක් පසුගිය 20 වනදා මාතර ප්‍රදේශයේ ධාවනය වෙමින් සිටියදී නවතා පොලිසිය මගින් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.

වම් පසින් ධාවනය කරන මෙම වාහනය පදවා යද්දී නීතියට අනුව ‘ධාවනය වමෙන්‘ යයි සටහනක්ද නොතිබූ අතර මේ ආකාර වාහනයක් ලංකාවේ ධාවනය කරන ප්‍රථම අවස්ථාවද එය විය.මාතර බස් නැවතුම්පොළ ආසන්නයේදී මේ හමර් රථය නවතා කොහේ යනවාදැයි ඇසූ විට කොළඹ සිට තමන් කතරගම දේවාලයට යන බව එහි සිටි තිදෙනා පිළිතුරු දී ඇත.

මෙම රථයේ හිමිකරු ලංකාවට වාහන ගෙන්වන සුප්‍රකට සමාගමක හිමිකරුගේ පුත්‍රයා වූ අතර වාහනයේ සිටි අනෙක් දෙදෙනා ඔහුගේ මිතුරන් විය. රුපියල් කෝටි 20කට අධික වටිනාකමින් යුක්ත අංක තහඩු නොමැති ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම හමර් රථයේ ලියාපදිංචිය පිළිබඳව විමසීමේදී ව්‍යාපාරිකයාගේ පුත්‍රයා පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ මෙම හමර් රථයට මෙරට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අංකයක් ලබාගන්නට අදහසක් නොමැති බවයි.
 

මීට මාස එකහමාරකට ඉහතදී ඇමෙරිකාවේ සිට මෙම හමර් රථය මෙරටට ගෙන්වූ බව පැවසූ ඔහු තවත් මාස එකමාරකින් පමණ එය නැවත නැව් මඟින් ඇමෙරිකාවට යැවීමට නියමිත බවද  පවසා ඇත.

හමර් රථය මෙරට ධාවනය කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තාවකාලික අවසරපත්, එය රේගුවෙන් නිදහස් කළ ලියකියවිලි සහ තාවකාලික රක්ෂණ ලියකියවිලි පොලිස් නිලධාරීන්ට ඔහු පෙන්වා තිබේ.

එම ලියකියවිලිවලට අනුව එම රථය මාස තුනක කාලයකට මෙරට ධාවනය කිරීමට අවසර හිමිව තිබූ නිසා රථය මුදා හැරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත් එම රථය වමෙන් පදවන්නක් වූ නිසා මෙරට නීතිය අනුව වාහනයේ ඉදිරිපස සහ පිටුපස ඒ බවට සංඥා පුවරු ප්‍රදර්ශනය කළ යුතු වුවත් එසේ කර නොතිබීම ගැන අවවාද ලබාදී ඇත. ‘කොළඹ මම දවස් ගාණක් මේ වාහනේ එළෙව්වා. ඒත් කවුරුවත් කවදාවත් නතර කරලා නැහැ.මාතරදි විතරයි මෙහෙම වුනේ..‘ කෝටිපති පුතා පොලිසියට පවසා ඇත.





pix courtesy by -dailymirror.lk

No comments:

Post a Comment

Post Bottom Ad