ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ලබන ජයග්‍රහණයක් සමීපයේ සිටි පාකිස්තාන කණ්ඩායම අවාසනාවන්ත ලෙස ලකුණු 39කින් ඔස්ට්‍රේලියාව හමුවේ අද (19)පරාජයට පත්විය.
පාකිස්තාන කණ්ඩායමේ ඔස්ට්‍රේලියා තරග සංචාරයේ බ්‍රිස්බේන්හි නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තාන කණ්ඩායමට මෙම සුවිශේෂී වාර්තාව මගහැරිණි. දිවා-රාත්‍රී තරගයක් ලෙසින් පැවැති ටෙස්ට් තරගයේදී පාකිස්තාන කණ්ඩායමට ලකුණු 490ක ඉලක්කයක් ලබාදීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම කටයුතු කළේය.
කෙසේ වෙතත් එම ඉලක්කයට සාර්ථක පිළිතුරක් ලබාදුන් පාකිස්තාන පිතිකරුවන් සියලුදෙනාම දැවී ලකුණු 450ක් රැස්කිරීමට සමත්විය. පාකිස්තාන කණ්ඩායමට ජයපෙනෙන මානයට ගෙන ගිය අසාඩ් සාෆික් ලකුණු 137ක් රැස්කර ගෙන සිටියදී ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවීයෑමෙන් පසුව පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු බිඳවැටුණි.
පාකිස්තාන ඉනිම කඩුලු 08කට ලකුණු 378ක් ලෙස තිබියදී යසීර් ෂා හා එක්වූ අසාද් පාකිස්තාන ඉනිම ක්‍රමක්‍රමයෙන් ගොඩනැංවූයේ තරගය වඩාත් තියුණු තත්ත්වයට පත්කරමිනි. කෙසේ වෙතත් මිචෙල් ස්ටාක් පාකිස්තාන බලාපොරොත්තු බිඳදැම්මේ අසාද්ගේ කඩුල්ල දඩයම් කරමිනි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 429ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 142ක් පමණි.
දෙවැනි ඉනිමට ලකුණු 202ක් රැස්කළ ඔස්ට්‍රේලියාව, පාකිස්තානයට ලකුණ 490ක ජයග්‍රාහී ඉලක්කය් ලබාදෙමින් ඉනිම අත්හිටුවීය.
එයට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 450ක් පමණි. යම් හෙයකින් පාකිස්තාන කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව හඹා ගියේයනම් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් වාර්තා කළ ජයග්‍රණය ලෙස ඉතිහාසයට එක්වීමට අවස්ථාව තිබිණි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2003 වසරේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ එල්ල වූ ලකුණු 418ක ඉලක්කය හඹාගොස් ලැබූ ජයග්‍රහණය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිකට් කණ්ඩායමක් තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් වාර්තා කළ ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්ව තිබේ.
Monday, December 19, 2016
විශිෂ්ට ටෙස්ට් වාර්තාවක් පාකිස්තානයට කැන්ගරුවන් හමුවේ අනුනවයෙන් ගිලිහෙයි…
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment