කටුනායක ගුවන් තොටුපලත් චීනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

කටුනායක ගුවන් තොටුපලත් චීනයට

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ ප‍්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් විසින් සිදු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඒ සඳහා නෙදර්ලන්ත උපදේශන සමාගමක ද සහය ලබා ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ගුවන් පථයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී කරුණු දැක්වූවා. එහිදී ඔහු පැවසුවේ මීටර් 3350 ක මෙම ගුවන් පථය ප්‍රතිසංස්කරණය කරන ක්‍රියාවලිය අනුව අවම මාස 03 ක කාලයක් ගතවෙනු ඇති බවයි.

ගුවන් තොටුපල වසා දමා තිබෙන කාල සීමාවේ දී දිනකට ගුවන් ගමන්වාර 20ක් අවලංගු කෙරෙනවා. එහි දී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු සමාගම් කිහිපයකට අලාභයක් සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad