විග්නේෂ්වරන් නිසා උතුරට නැති වූ දේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

විග්නේෂ්වරන් නිසා උතුරට නැති වූ දේ මෙන්න

විග්නේෂ්වරන් නිසා උතුරට නැති වූ දේ මෙන්න
වව්නියාවේ ඉදිකිරීමට යෝජනා වූ රුපියල් මිලියන 2000 ක ආර්ථික මධ්‍යස්ථානය ඉදි නොවීම නිසා එම මුදල් නැවත රාජ්‍ය භාණ්ඩාගාරයටම යාම දේශපාලනික වාසි නිසා සිදු වූ බවටත් එහි ප්‍රධානියා වූ උතුරු මහඇමති වරයාට පළාත් සභා සැසි වාරයේදී තමන් දැඩි දෝෂාරෝපණය කළ බවට පලාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා පවසයි.

මේ පිළිබව විමසීමේදී වී.ජයතිලක මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ ‘‘වත්මන් ආණ්ඩුව උතුරේ සංවර්ධනය වෙනුවෙන් ලබාදුන්නු දැවැන්ත සංවර්ධන වැඩපිළිවලක් තමයි මේ ආර්ථික මධ්‍යස්ථානය. නමුත් මේකට විවිධ වූ දේශපාලනික කඹ ඇදීම් නිසා සාමාන්‍ය ජනතාවට විශාල අවස්ථාවක් නැති වුනා මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්.

මේ ආර්ථික මධ්‍යස්ථානය වව්නියාවේ ස්ථාන කිහිපයක හදන එක ගැන මහඇමති වරයා දිගින් දිගටම කිව්වේ ඔමන්තේ මේ මධ්‍යස්ථානය හදන්න ගන්න කියලා නමුත් යොජනා වුනේ තාණ්ඩික්කුලමේ හදන්න විවිධ විරෝධතා එල්ල වුනා අවසානයේ අමාත්‍ය රිෂාඩ් බධියුදීන් හා පී හැරිසන් ඇමති වරුන් ඇවිත් ඔක්කටම පොදුයි කියලා වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ මේ මධ්‍යස්ථානය හදන්න තීරණය කළා.

අවසානයේ ඒකටත් විරුද්ද වුනේ මහ ඇමතිම තමයි වව්නියාවේ පැවති අවසන් දිස්ත්‍රීක් සංවර්ධන රැස්වීමෙදී මහ ඇමතිවරයාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරල ලියුමක් ලැබිල තිබුණා. දිසාපතිවරයටත් අමාත්‍යංශයටත් මම ඒ ගැන පළාත් සභාවේදී දැඩි සේ චෝදනා කළ ජනතාව ගැන නොසිතා මෙවැනි විරෝධයක් පෑම ගැන. මහ ඇමතිවරයට නමුත් මහ ඇමතිවරයා පළාත් සභාවෙදී කියා සිටියේ තමන් එවැනි ලියමුක් නොයැවූ බව එහිදී මම කියා සිටියා එම ලිපිය ඊලඟ සැසි වාරයට ඉදිරිපත් කර පෙන්වන්නම් කියා. කොහොම හරි උතුරටම ලැබෙන්න ගිය ලොකු සංවර්ධනයක් මේ වෙනකොට නැති වෙලා මේ වසර අවසන් වෙන්නට පෙර ආර්ථික මධ්‍යස්ථානයේ වැඩ පටන් ගත්තේ නැත්තම් ඒ මුදල් ආපහු යනවනේ ඒක දැනටමත් වෙලා" යනුවෙනි

- වන්නි රොමේෂ් -

No comments:

Post a Comment

Post Bottom Ad