රනිල් - මෛත්‍රී තිරුපති වදී  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

රනිල් - මෛත්‍රී තිරුපති වදී 

රනිල් - මෛත්‍රී තිරුපති වදී 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (22) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි  තිරුපති හෙවත් වෙන්කතේශ්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා සහභාගී වූහ.

තිමාලා තිරුපති දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති ක්‍රිෂ්ණමූර්ති සහ විධායක නිලධාරී සඹසිවා රාඕ ඇතුළු පිරිස විසින් ඔවුහු පිළිගනු ලැබූහ.

මේ දෙපළ විනාඩි විස්සක් පමණ ආගමික වතාවත්වල නිරත වූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. 

රෙනිගුන්ටා ගුවන් තොටුපොළ ඔස්සේ විශේෂ ගුවන් යානයකින් වික්‍රමසිංහ මහතා තිරුපති වෙත ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස අවසන් වරට එහි ගොස් ඇත්තේ 2002 වසරේ දී ය.

sri-lankan-prime-minister-ranil-wickremesinghe_cbab10a2-c81b-11e6-afe5-88e9648d1b9f

sri-lankan-prime-minister-ranil-wickremesinghe_8c606244-c81b-11e6-afe5-88e9648d1b9f

No comments:

Post a Comment

Post Bottom Ad