වත්මන් පොලිස්පතිවරයා ආණ්ඩුවේ අතකොළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ සේමසිංහ මහතා," දිගින් දිගටම රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්, දේශපාලන කණ්ඩායම් ඒකාබද්ධ විපක්ෂයත් එක්ක අත්වැල් බැඳගන්න සියළුම මහජනතාව දඩයමකට ලක්කරලා තියෙනවා. ඍජුවම පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් වගකියන්න ඕනි.
පොලිස්පතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් හැටියට කළ යුතු කාර්යභාරය රජය වෙනුවෙන් ඉටු කරනවා. ඔහුට කිසිසේත්ම සදාචාරාත්මක අයිතියක් නෑ නීතිය නමලා ඔවුන්ට අවශ්‍යය ආකාරට දඬුවම් දෙනවා කියලා ප්‍රකාශයක් කරන්න" යි කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ ආණ්ඩුව විසින් ජනතා අදහස්වලට ගරු කරමින් ජනතා අදහස් ඉටුකළ බව පැවසුව ද අද වන විට ජනයා දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.
වීඩියෝව පහතින්....
Friday, August 19, 2016
'පොලිස්පති ආණ්ඩුවේ අතකොළුවක් වෙලා' (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment