බෝල්ට් මීටර් 200 රන් පදක්කමත් දිනයි (ViDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

බෝල්ට් මීටර් 200 රන් පදක්කමත් දිනයි (ViDEO)

සුපිරි ජැමෙයිකානු මලල ක්‍රීඩක හුසෙයින් බෝල්ට් අඛණ්ඩව තෙවන වරටත් මීටර් 200 ධාවන තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබමින් රන් පදක්කම දිනාගැනීමට ඊයේ (18) සමත් විය.

2008 ‍බෙයිජිං ඔලිම්පික් උළෙලේදී ද 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ද මේ අයුරින්ම මීටර් 200 පිරිමි ධාවන තරඟයෙන් රන් පදක්කම දිනාගැනීමට බෝල්ට්ට හැකිවිය. 2016 රියෝ ඔලිම්පික් උ‍ළෙලේදී ඔහු ලැබූ දෙවන රන්පදක්කම ද සමගින් ඔලිම්පික් ඉතිහාසයේ ඔහු ලැබූ 8වන පදක්කම ලෙස එය සනිටුහන්වී ඇත.

මෙම තරඟය තුළින්ද ලෝක වාර්තාවක් තැබීම හුසෙයින්ගේ බලාපොරොත්තුව වුවද එය ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් මෙම තරඟය නිමා කිරීමට තත්පර 19.78ක කාලයක් ඔහුට වැයවුණු බවත් වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad