ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙපසින් හිටපු සභාපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තබාගෙන පක්ෂයේ 64 වැනි සංවත්සරය සමරන බව පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
සියලු ආසන සංවිධායකයන්, පළාත් සභා මන්ත්‍රීන් ඇතුළු සියලු පාක්ෂිකයන්ට පැරැණි සම්ප්‍රදායට අනුව ලිපි ලේඛන මගින් හා පොදුවේ මාධ්‍ය හරහා ද ආරාධනා කර ඇති බවද අමාත්‍යවරයා පැවසී ය. ඔහු මේ බව පැවසූයේ ඊයේ (18)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරය සැප්තැම්බර් මස 03 වන දින උත්කර්ෂවත් අන්දමින් පවත්වන බවත් මෙම සමුළුව පක්ෂයේ ශක්තිමත්භාවය පෙන්වන අවස්ථාවක් වනු ඇති බවත්,මීට පෙරාතුව මෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරුන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් ආරාධනා කර ඇති බවත් දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලැබුවේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවක් මගින් බවත්,එයින් සියයට සියයක්ම පාහේ ඉකුත් කාලයේ මහින්ද රාජපක්ෂ මහතා සමග සහයෝගයෙන් කටයුතු කළ උදවිය බවත් ඔහු සඳහන් කළේය.
පක්ෂය ඉදිරියට ගෙනයාමට පක්ෂය සමග කටයුතු කරන අලුත් මුහුණුවලට ඉඩදුන්නු බවත්,හිටපු බොහෝ පිරිසක් ජ්‍යෙෂ්ඨයින් ලෙස ජනප්‍රිය වුවද පක්ෂ යාන්ත්‍රණය තුළ නොසිටි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
Friday, August 19, 2016
'මෛත්‍රීගේ දෙපැත්තෙන් මහින්දයි චන්ද්‍රිකායි' (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment