'මේක හොඳ ක්‍රියාවක් නෙමෙයි' - මෛත්‍රීගේ තීරණය ගැන මහින්දගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

'මේක හොඳ ක්‍රියාවක් නෙමෙයි' - මෛත්‍රීගේ තීරණය ගැන මහින්දගෙන් ප්‍රකාශයක්

'මේක හොඳ ක්‍රියාවක් නෙමෙයි' - මෛත්‍රීගේ තීරණය ගැන මහින්දගෙන් ප්‍රකාශයක් (VIDEO)
ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හලා නව සංවිධායකවරුන් පත් කිරීම අනුවණ ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

වත්මන් ආණ්ඩුවේ පළා බෙදන ආකාරය මෙයින් මනාව ගම්‍ය වන බවත් වත්මන් ආණ්ඩුවේ පළා බෙදන ක්‍රමය මුල සිටම ඔවුන් දැනගෙන සිටි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙක් පුළුවන් තරම් පිරිස් එළවා දමන්නේ “ අපිට උඹලා වැඩක් නෑ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පලයන් “ කියා පැවසීමක් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ඉන් ගම්‍ය වන්නේ වර්තමාන ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බවත්, ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමඟ ගණුදෙණු කිරීමක් බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951දී එක්සත් ජාතික පක්ෂයෙක් අස් වී වෙනම පක්ෂයක් පිහිටුවූයේ නිකරුණේ නොවන බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

එදා බණ්ඩාරනායක ප්‍රතිපත්ති පිළිනොගත් එක්සත් ජාතික පක්ෂයට ඒ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට මෙය හොද ක්‍රියාවක් නොවන බවත්, එය අනුවණ ක්‍රියාවක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad