ඉන්දියාවේ 21 ක්‌ ශ්‍රී ලංකාව හරහා ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ඉන්දියාවේ 21 ක්‌ ශ්‍රී ලංකාව හරහා ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වෙලා

ඉන්දියාවේ 21 ක්‌ ශ්‍රී ලංකාව හරහා ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වෙලා
ඉන්දීය කේරළ ප්‍රාන්ත වැසියන් විස්‌එක්‌ දෙනකු ඉකුත් ජනවාරියේ සිට ජූලි දක්‌වා මාස හතක්‌ තුළ ශ්‍රී ලංකාව හරහා සිරියාවට ගොස්‌ ඉස්‌ලාමීය අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ වී ඇතැයි මුම්බායි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයන් ශ්‍රී ලංකාව හරහා සිරියාවට පිටත් කර යෑවූ මුස්‌ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් මුම්බායි පොලිසිය මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඉස්‌ලාම් අයිඑස්‌ ත්‍රස්‌තවාදී සංවිධානයේ කටයුතුවලට ශ්‍රී ලංකාව භාවිතා කරන බවට ඉන්දීය ආරක්‍ෂක අංශ ඉකුත් මාස දෙක තුළ හෙළි කර ගත් දෙවන අවස්‌ථාව මෙය වේ.

අයිඑස්‌ ත්‍රස්‌තවාදීන් සමග සබඳතා පවත්වමින් ශ්‍රී ලංකාව හා සම්බන්ධව සිටි මුස්‌ලිම් ජාතිකයකු මීට මාසයකට පමණ පෙර ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුම්බායි පොලිසිය ඉකුත් සිකුරාදා කේරළ ප්‍රාන්තයේ සිදු කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම මුස්‌ලිම් ජාතික සැකකරු ඉකුත් මාස තුනක පමණ කාලයේදී කේරළ වැසියන් දස දෙනකු මේ අන්දමින් ශ්‍රී ලංකාව හරහා අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ කර ඇතැයිද මුම්බායි පොලිසිය හෙළි කරගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad