බලාගෙනයි: විෂ තොරතුරු මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

බලාගෙනයි: විෂ තොරතුරු මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

බලාගෙනයි: විෂ තොරතුරු මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්
වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති දැව ආරක්ෂණ අලේපන මිලදී ගැනීමේ දී වඩාත් කල්පනාකාරී වන ලෙස කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
දැනට අලෙවියට තබා ඇති ඇතැම් දැව අලේපන වර්ග ප්‍රමිතියෙන් තොර බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසී ය.
ඇතැම් දැව අලේපනවල ලියාපදිංචි අංකයක් හෝ කාණ්ඩ අංකයක් ද නොමැති බව ද එමෙන්ම එම අලේපනවල පළ කර ඇති විස්තර පත්‍රිකාවේ අඩංගු විය යුතු තොරතුරු ද නිවැරදි නොවන බවද ඔහු පෙන්වා දෙයි.
මෙම දැව අලේපනවල අධි සාන්ද්‍රන අම්ල සහ ඉන්ධන ඇතුළත්ව පවතින අතර ඒවා ශරීරයට අහිතකර බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම දැව අලේපන වර්ග කුමන හෝ ආකාරයකින් ශරීර ගත වුවහොත් අදාළ රෝගියා වමනය කිරීමට පෙර ළගම ඇති රෝහලකට ඇතුළත් කරන ලෙස ද වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad