ශ්‍රීලනිපයේ ආරාධනය මහින්ද සතුටින් බාරගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ශ්‍රීලනිපයේ ආරාධනය මහින්ද සතුටින් බාරගනී

ශ්‍රීලනිපයේ ආරාධනය මහින්ද සතුටින් බාරගනී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ ආරාධනා කර තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසට ගොස් ආරාධනා පත්‍රය බාර දී ඇත.

කුරුණෑගල දී සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා එහි දී කියා ඇති අතර ඔහු ඇරයුම සතුටින් බාරගත් බව ද ඇමැතිවරයා පවසයි. 

කෙසේ වෙතත් කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සිටියහොත් තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා පත්‍රය භාරදීමට ගිය අවස්‌ථාවේ ඔහු තමාට පැවැසු බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතාමත් සුහද අයුරින් යුතුව එම ප්‍රකාශය කළ බවද ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad