යුනෙස්කෝවෙන් ජනපතිට පැසසුම්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

යුනෙස්කෝවෙන් ජනපතිට පැසසුම්!

යුනෙස්කෝවෙන් ජනපතිට පැසසුම්!
කාලගුණික විපර්යාස අවම කිරීම සහ පරිසරය සුරැකීමේ ප්‍රඥාප්තීන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැනි අවංක දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා මහත්මිය සඳහන් කළාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් මත මෙරටට පැමිණ සිටින ඉරිනා බොකෝවා මහත්මිය ඊයේ (17) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළාය.

තමන් ඉකුත් දින කිහිපයේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කළ බවත් ස්වාභාවික සුන්දරත්වයෙන් හෙබි ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය මගින් ආධාර ලබාදීමට හැකිවීම පිළිබඳ තමන් සතුටට පත්වන බවත් බොකෝවා මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩනගමින් ආර්ථික වර්ධනය ඇතිකිරීමට වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බවද ඇය ප්‍රකාශ කළාය. මෙහිදී මෙරට සංස්කෘතික හා අධ්‍යාපන කටයුතු සඳහා යුනෙස්කෝ සංවිධානය දීර්ඝ කාලයක් පුරා ලබාදෙන ආධාර වෙනුවෙන් ස්තූතිය පළ කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියටත් එම සහය අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad