ලාංකික සරණාගතයින් හය දෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් පි‍ටුවහල් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ලාංකික සරණාගතයින් හය දෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් පි‍ටුවහල් කරයි

ලාංකික සරණාගතයින් හය දෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් පි‍ටුවහල් කරයි
නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් 6 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.
ඒ අනුව ගුවන් මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටි සංක්‍රමණිකයින්  6 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පැවසීය.

වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් පසුගිය මස 21 වනදා කාන්තන්කුඩි මුහුදු ප්‍රදේශයේ සිට නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ඔවුන් රැගත් යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව දින ගණනාවක් මුහුදේ පාවෙමින් තිබී ඇති අතර මෙම සංක්‍රමණිකයින් පිරිස පිළිබඳ ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව ඔවුන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මුර යාත්‍රා අවධානයෙන් පසුවූ බව ඔස්ට්‍රේලියානු ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මුර සේවයේ නිරත ඔස්ට්‍රේලියානු යාත්‍රාවක් විසින් යාත්‍රාවේ සිටි සංක්‍රමණිකයින්  06 දෙනා බේරාගෙන තිබේ.
ඉන් අනතුරුව ඔවුන් යළි ශ්‍රී ලංකාවට හරවා එවීමට පියවර ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සංක්‍රමණිකයින් හය දෙනා අද(17) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad