ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට ඉදිරියේදී හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, " අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන තැනට තමයි ගෙනියන්නේ. ඒ නිසා ඉදිරි කාලයේදී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම අපේ වගකීමක් හැටියට අපි සලකනවා. ඒ සඳහා සමහර තීන්දු තීරණ අපිට ගන්න වෙනවා.
ඒ ගන්න ඕනම තීන්දුවක් අපි කණ්ඩායමක් හැටියට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අපි කරන බව මතක් කරන්න ඕන" යි පැවසීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ තමන් මාතර දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායකධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
ශ්‍රීලනිපය වෙනුවෙන් කැප වූ පිරිසක් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ද ඔහු එහිදී කියාසිටියේය.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment