නව පක්ෂයක් පිහිටුවුවහොත් ඔවුන්ගේ මෙතෙක් හෙළි නොකළ රහස් හෙළිදරව් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සම්මුතිවාදී ජාතික ආණ්ඩුවට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (19) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති සැමරුම් උත්සවය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා, "සමහරුන් අද අලුත් පක්ෂ හදන බව කියනවා. හදලා බලමු. ඔවුන් එදා කළ හොර, මැර, වංචා, දූෂණ වල තරම එදාට හෙළි කරනවා. මෙතෙක් කල් හංගාගෙන සිටි රහස් එදාට හෙළි කරනවා එතකොට ඒ ගොල්ලන්ට සිදු වන්නේ පාරේ ඇවිද ඇවිද සිටීම තමයි. අපේ කට්ටියට මම කියන්නෙත් හොරකම් කරන්න එපා.
හොරකම් කරන්න දෙන්නෙත් නෑ. හොරකම් කරල අහුවුනොත් අරගොල්ලන්ට වඩා දඬුවම් දෙනවා දෙනවාමයි. සමහරු හීන දකිනවා අළුත් ආණ්ඩුවක් හදන්න. ඒක නම් හැබෑ වෙන්නේ නෑ. සම්මුති ආණ්ඩුව අවුරුදු 5 ම කරගෙන යාම ස්ථීරයි. 2020 න් පස්සේ ආණ්ඩු කරන්නේ කවුද කියලා බලමු.
ඒ ගොල්ලන්ට ඉන්න වෙන්නේ පාරේ ඇවිද ඇවිද ආණ්ඩුවක් ගන්න නම් බැහැ." යි පැවසීය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ සිවිල් සංවිධානවල නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment