එම්. ආර් ලතීෆ් STF අණදෙන නිළධාරී තනතුරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

එම්. ආර් ලතීෆ් STF අණදෙන නිළධාරී තනතුරට

එම්. ආර් ලතීෆ් STF අණදෙන නිළධාරී තනතුරට
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එම නව පත්වීම් තමන් මීට සුළු මෙහොතකට පෙර බාරගත් බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා තම නව තනතුරේ රාජකාරී හෙට (19) බාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා විශ්‍රාම යාම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකිරීමට පොලිස් කොමිසම විසින් තීරණය කර ඇත.

ලතීෆ් මහතා මීට පෙර පොලිසියට බඳවා ගැනීමේ සහ පුහුණුවීමේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad