පෙකණිවැල අඹරවා අතින් කඩා දැමූ බිලිඳියකගේ මළ සිරුරක් කඩවතින් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

පෙකණිවැල අඹරවා අතින් කඩා දැමූ බිලිඳියකගේ මළ සිරුරක් කඩවතින් හමුවේ


පෙකණිවැල අඹරවා අතින් කඩා දැමූ 
බිලිඳියකගේ මළ සිරුරක් 
කඩවතින් හමුවේ

දරුවන් බිහිකරත් ඔවුන්ව හදා වඩාගන්නට අකමැති වන ඇතැම් අය සිදු කරන විවිධ කටයුතු ගැන නිතර අසන්නට ලැබෙනවා. කිසිවක් නොදැන මෙලොව එළිය දුටු බිළිඳියක අමානුෂික ආකාරයට විසිකර දැමූ පුවතක් ඊයේ කඩවතින් වාර්තා වුණා.


පෙකණිවැල අඹරවා අතින් කඩා දැමූ බිලිඳියකගේ මළ සිරුරක් ඊයේ (17දා) නිකිණි පුන් පෝදා කඩවත ගනේමුල්ල පාරේ ගලහේන ක‍්‍රීඩාංගණයේ දමා තිබියදී කඩවත පොලිසියට හමුවී ඇත.

ඊයේ උදයේ ව්‍යායාම සඳහා ක‍්‍රීඩාංගණයට පැමිණි අයකු මේ මළ සිරුර දැක කඩවත පොලිසියට දැනුම් දී ඇත. හොඳින් වැඩුණු මේ බිලිඳු මළ සිරුරේ පෙකණිවැල අඹරවා කඩාදමා ඇති බවත් කළු පැහැති ටියුලිප් බෑගයකට දැමූ බිලිඳු මළ සිරුර පාන්දර මේ ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවත් පොලිසිය කියයි. 

බොහෝ දුරට මෙය මිනී මැරුමක් විය හැකි බව පොලිසිය විශ්වාස පළ කරයි. පිට්ටනියේ එළි පෙහෙළි නොකළ තණ පඳුරු වැඩුණු ස්ථානයකට දමා තිබූ මේ මළ සිරුර බල්ලන් විසින් එළියට ඇද දමා තිබියදී ඇස ගැටී ඇත. කඩවත මහර වැඩ බලන මහෙස්ත‍්‍රාත් සුනන්ද හේරත් මහතා ඊයේ පෙරවරුවේ එම ස්ථානයට පැමිණ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකර මළ සිරුර රාගම රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

වාර්තාව - කඩවත - ජයතිලක ගන්නෝරුව කැලණිය - කුසුම් හැන්නදි
ගම්පහ - දොන් විතානආරච්චි

No comments:

Post a Comment

Post Bottom Ad