වෝන් මුරලි කුසලාන අවසන් ත්‍යාග ප‍්‍රදානය මගහැරිය මුරලි ඉන්දියා ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

වෝන් මුරලි කුසලාන අවසන් ත්‍යාග ප‍්‍රදානය මගහැරිය මුරලි ඉන්දියා ගිහින්

වෝන් මුරලි කුසලානය සඳහා පැවැති ශ‍්‍රී ලංකා  ඕස්ටෙ‍්‍රලියා ටෙස්ට් තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ ඔහු විශේෂ ආරාධිතයෙකු ලෙස පැමිණ ත්‍යාග පිරිනමන්නට නියමිතව සිටියත් ඔහු ඊයේ අතුරුදන්ව සිටි බව වාර්තා වුණා. 

එයට හේතුවූයේ මෙම තරගාවලය ආරම්භයේදී ඔහු ඕස්ටේ‍්‍රලියානු පිල දින 10 ක පුහුණුවීමකට ලක්කර ඒ ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් හා ඇතිවූ ආරවුලෙන් පසු ඔහු ගැන වැරදි හැඟීමක් ප‍්‍රචාරය වීමේ සිදුවීමයි.

මුරලිගේ පියා මෙම තරගාවලිය  ඕස්ටේ‍්‍රලියානුවන් දිනනු දකින්න කැමති බව මාධ්‍යයට කියා තිබීමත් මුරලි දේශද්‍රෝහී ලේබලයට යටත්වීමත් නිසා මුරලිට ඒ ගැන කථාකරන්නටද සිදුවූ අතර ඔහු මේ තුළ ඇති දේශපාලන කාරණා පැහැදිලි කළ පසු ප‍්‍රශ්නය සමථයකට පත්ව තිබුණි.


කෙසේ වෙතත් මෙම තරගාවලියේ දැවැන්ත ජය හිමි වුයේ ශ‍්‍රී ලංකාවටයි.
ඊයේ තරගයේ ත්‍යාග ප‍්‍රදානය සඳහා මුත්තයියා මුරලිදරන් එක්වීමට නියමිතව සිටි නමුත් එම කොටස වෙන අයට පවරන්න කියමින් ඔහු ඊයේ ඉන්දියාවට ගොස් ඇති බවද වාර්තා වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad