ටෙලි නිළි සුලේඛා ජයවර්ධන ඇදුම් මාරු කරන අවස්ථාවේ ජංගම දුරකථනයකින් ඡායාරූප ලබාගත් බවට ගල්කිස්ස අධිකරණයේ පැවැති නඩු විභාගයකදී වරද පිළිගත් සැකකරුවකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මාස තුනක සිර දඩුවමක් සහ රුපියල් එක්දහස් පන්සියයක දඩ මුදලක් නියම කළාය. සිර දඩුවම වසර පහකට අත්හිටුවන ලදී.
මොහොමඩ් අශාන් සුවහිර් නමැති සැකකරුවකුට මේ සිර දඩුවම සහ දඩ මුදල නියම විය. සැකකරු සේවය කරන දෙහිවල හීල් වීථියේ අංක 121 ලෙවල් ෆ්‍රීටර්ස් නමැති නිමි ඇදුම් අලෙවි සලට සුලේඛා ජයවර්ධන ඇදුමක් මිලදී ගැනීමට ගොස් තෝරා ගත් ඇදුම ඇද බැලීම සදහා ඇදුම් මාරුකරන කුටියකට ගොස් ඇත.
ඒ අවස්ථාවේ සැකකරු එම කුටියේ දොරට යටින් ඔහුගේ ජංගම දුරකථනය තබා ඇය ඇදුම් මාරු කරන අයුරු ඡායාරූප ලබාගත් බවට ඇය විසින් දෙහිවල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබිණි.
Wednesday, August 17, 2016
සුලේඛා ඇඳුම් මාරු කරද්දි Photo ගත්ත අනංගයාට ලැබුණු දඬුවම
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment