දෙන්නටම උදව් කරගනිමින් වැටි වැටි දුවපු රටවල් දෙකක ක්‍රීඩිකාවෝ මනුස්සකම බබළවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 17, 2016

දෙන්නටම උදව් කරගනිමින් වැටි වැටි දුවපු රටවල් දෙකක ක්‍රීඩිකාවෝ මනුස්සකම බබළවයි

ඔන්න රියෝ ඔලිම්පික් තරගාවලියේ මනුස්සකම එළියට ආපු ලොකුම අවස්ථාව ඊයේ වාර්තා වුණා. ඒ කාන්තා මීටර් 5000 දිවීමේ තරගයේදී. මේ තරගයේදී මීටර් 3000ක් යද්දී නවසීලන්ත ක්‍රීඩිකාව බිම ඇදගෙන වැටෙනවා. එක දැකපු ඇමරිකානු ක්‍රීඩිකාව ඇයට නැවත නැගිටින්න උදව් කරනවා.

ඔහොම දෙන්නම ටික දුරක් දුවද්දී ඇමරිකානු ක්‍රීඩිකාවගේ පාදයේ ආබාධයක් එනවා. පස්සේ නවසීලන්ත ක්‍රීඩිකාව ඇයගේ උරහිස ලබා දෙමින් ඇයට උදව් කරනවා. දෙන්නම කොහොම හරි තරගය අවසන් කරනවා. හැබැයි අන්තිමයා වෙලා.

පාදයේ ආබාධයක් වෙච්ච ඇමරිකානු ක්‍රීඩිකාව කට්ටිය ඇවිත් රැගෙන යනතුරු නවසීලන්ත ක්‍රීඩිකාව ඇය ළඟින්ම ඉන්නවා. මේකට කියන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය කියලා නෙමේ මනුස්සකම කියලා. කොහොම හරි විනිසුරුවන් තීරණය කරලා මේ දෙන්නවම අවසන් මහා තරගයට සහභාගී කරවන්න.


 

No comments:

Post a Comment

Post Bottom Ad