FCID ය රිෂ්නි පසුපස යයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

FCID ය රිෂ්නි පසුපස යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරවල ප්‍රවර්ධන උත්සව සංවිධානය කළ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ සහෝදරිය වන අනුෂිකා රිෂ්නි වීරරත්න සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය ආරම්භ කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’ හි පවත්වන ලද උත්සව සංවිධානය කර ඇත්තේද රිෂ්නිගේ ‘රෙඞ් චෙරී’ ආයතනය විසින් බව පැවසේ.


රිෂ්නි, ‘ඉල් නොයිස් එන්ටර්ටේන්මන්ට්’ (ILL NOIZE Entertainmnet) ආයතනයේද අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරන බවද වාර්තා වේ. එසේම ඇය විසින් සෙන්ට් කිට්ස් වෙත රැගෙනගිය නාමලී නැමැති රාත්‍රී සමාජ ශාලාවල නර්තනයේ යෙදුණු තරුණියක් සම්බන්ධයෙන්ද තොරතුරු සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භකර ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


රිෂ්නි, නාමල්ගේ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ අධ්‍යක්ෂවරියක් ලෙසටද කටයුතු කර ඇති බව පැවසේ. ‘රෙඞ් චෙරී’ ආයතනය වෙත සෙනට් කිට්ස්හි උත්සවයේ සංවිධාන කටයුතු ලබාදී ඇත්තේ ඊට පෙර ලංකාවේ ‘අයිෆා’ උළෙල සංවිධානය කළ ඉන්දියාවේ ‘විෂ්ක්‍රාෆ්ට්’ (Wizcraft International Entertainment Pvt. Ltd.) ආයතනය එම උළෙලේ සංවිධාන කටයුතු ලබාදීමට තීන්දුකර තිබියදී බවද වාර්තා වේ.


කෙසේවුවද, පසුගිය කාලයේදී නාමල් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සියලුම තරුණියන් සම්බන්ධයෙන් මේදිනවල FCID ය පරීක්ෂණ පවත්වන බවද මේ අතර වාර්තා වේ. රිෂ්නි වීරරත්න හා ඉරාජ් වීරරත්න ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයකු වන ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ දියණිය හා පුත්‍රයාය.

No comments:

Post a Comment

Post Bottom Ad