පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ගුවන් සේවිකාවක් වූ නිත්‍යා සේනානි සමරනායක හා සුජානි බෝගොල්ලාගම යන දෙදෙනා හඳුන්වාදුන් බව කියන චම්පික කරුණාරත්න නැමැත්තා සොයා මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භකර ඇති බව වාර්තා වේ.
FCID 82/15 යන මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ ලිපිගොනුව යටතේ මොහු සම්බන්ධ පරීක්ෂණ ආරම්භකර ඇත. නිත්‍යා, ගුවන් සේවිකාවක ලෙස සේවය කරණ අතරවාරයේ ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂිකාවක ලෙස ද කටයුතු කර ඇති බව මේවන විට හෙළිව තිබේ. එසේම සුජානි නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන එන්.ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සමාගමේ සාමාන්‍යධිකාරී තනතුර දරා ඇත.
සශීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ කිට්ටුවන්තයකු ලෙස කටයුතු කරමින් සිට ඔහු හා ගැටුමක් ඇතිකරගෙන් ඔහුගෙන් ඉවත්වීමෙන් පසුව “චම්පි” හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පෞද්ගලික ලේකම් ලෙස කලක් කටයුතු කර තිබේ. පසුව ඔහු ඉන් ඉවත්ව නාමල් සමඟ කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති බව පැවසේ. “චම්පි” ට “කප්පම් චම්පි” ලෙස සුරතල් නමක්ද පට බැඳී ඇතැයි වාර්තා වේ.
චම්පික කරුණාරත්න මහතා ඉකුත් පාලන සමයේ මහා මාර්ග ආමාත්‍යාංශයේ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසත්, දැව සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යටතේ පැවති තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ නිල් බලකාය සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයෙකු ලෙසත් කටයුතු කර ඇති අයෙකි.
ඔහු ජාතික ලොතරැයි මණ්ඩලය, මහා මාර්ග අමාත්‍යාංශයෙන් හා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයෙන් වැටුප් තුනක් ලබා ගැනීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක් වූවෙකි. එමෙන්ම රාජ්‍ය දැව සංස්ථාවේ සිදුව ඇති වංචාවකට ඔහු චෝදනා ලබා ඇති අතර රාජ්‍ය මුදල් වංචා සහගතව භාවිතා කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාගේ නියෝගයක් මත රුපියල් 25,000ක හා රුපියල් මිලියන 2ක ශරීර ඇප මත නිදහස්ව සිටින්නෙකි.
ඔහුගේ අංක 472, වැව පාර, බොරලැස්ගමුවේ නිවසේ තිබී රත්‍රන් කිලෝ එකයි ග්‍රෑම් 106ක් බරැති රන් බිස්කට 10 ක්ද මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය සොයාගෙන තිබිණි.
Friday, August 19, 2016
නාමල්ට නිත්‍යා හා සුජානි දුන් කවුද මේ චම්පි?
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment