සුද්දන්ට වැඩ පෙන්නපු 19න් පහළ අවිශ්ක ශ්‍රී ලංකා එක්දින සංචිතයට – මෙන්න නිලනොලත් සංචිතය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

සුද්දන්ට වැඩ පෙන්නපු 19න් පහළ අවිශ්ක ශ්‍රී ලංකා එක්දින සංචිතයට – මෙන්න නිලනොලත් සංචිතය

සනත් ජයසුරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව එක්‌දින තරගාවලියේ පළමු තරගය ආරම්භ වීමට දින තුනක්‌ තිබියදී කණ්‌ඩායම නම් කිරීම ප්‍රමාද කිරීම විශේෂත්වයකි.

එක්‌දින තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න ඊයේ සවස්‌වනතුරු කිසිවෙක්‌ නොදැන සිටි අතර අනතුරුව සනත් ජයසුරිය සහ ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ එක්‌ව 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංයුතිය ඊයේ සන්ධ්‍යාවේ නම් කළ බව වැඩි දුරටත් වාර්තා වේ. ඒ අනූව අදාළ කණ්‌ඩායමට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට සවස්‌වනතුරුත් යවා නොමැති බව සඳහන් වේ.

තිලකරත්න ඩිල්ෂාන් සහ මිලින්ද සිරිවර්ධන යළිත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර එම ස්‌ථාන දෙක තෝරා ගැනීම සඳහාද විශේෂ කතිකාවක්‌ ගොඩනැගී ඇතැයි වාර්තා වේ. තිසර පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරාටද එක්‌දින සංචිතයේ ස්‌ථානයක්‌ හිමිව තිබේ.

වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්‌ඩායමේ පිතිකරුවකු වන 18 හැවිරිදි ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුවද ජාතික කණ්‌ඩායමට පළමු වරට ඇතුළත් කිරීම පිළිබඳවද සාකච්ඡාවක්‌ පවත්වා තිබුණත් ඔහුගේ ඇතුළත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ඊයේ සවස්‌ වනතුරුත් වාර්තා නොවුණි.

අවිශ්ක ප්‍රනාන්දු එංගලන්තය සමග පැවැති යොවුන් එක්‌දින තරගාවලියේ අවසන් තරග දෙකේදී ශතක දෙකක්‌ (117 සහ 138) ලබා ගනිමින් විශිෂ්ට දක්‍ෂතා දක්‌වා තිබේ. අවිශ්ක ප්‍රනාන්දු මොරටුව ශා.සෙබස්‌තියන් විදුහල නියෝජනය කරමින් යොවුන් කණ්‌ඩායම හරහා ජාතික කණ්‌ඩායමට පැමිණීමට සමත් විය.

චයිනමන් පන්දු යවන්නකු වන ලක්‍ෂාන් සඳකැන් සහ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයකු වන අමිල අපොන්සුද කණ්‌ඩායමට නම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

නම්කර ඇතැයි සඳහන් එක්‌දින සංයුතිය...

ඇන්ජලෝ මැතිව්ස්‌, තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්. අවිශ්ක ප්‍රනාන්දු සහ අමිල අපොන්සු

No comments:

Post a Comment

Post Bottom Ad