මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් සමග රහස් සාකච්ඡාවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් සමග රහස් සාකච්ඡාවක

මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් සමග රහස් සාකච්ඡාවක
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ(17) රාත්‍රියේ පවත්වා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ  ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් සහභාගී වී තිබේ.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වූ ආකාරය පිළිබඳව සහ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත නීත්‍යානුකූලව සම්මත නොවූ බැවින් ඒ පිළිබඳව අද(18) දිනයේ කථානායකවරයා දැනුවත් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය තුළ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට තමන් සහභාගී නොවන බව එම සාකච්ඡාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් කොළඹ අද(18) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට සහභාගී නොවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ විදෙස් ගතවීමට නියමිතව තිබීම හේතුවෙන්  හිටපු ජනාධිපතිවරයා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගි නොවන බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad