මහින්දගේ හිටපු ආරක්ෂක ලොක්කාට නොතීසි - අල්ලස් කොමිසමෙන් නඩු 5ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

මහින්දගේ හිටපු ආරක්ෂක ලොක්කාට නොතීසි - අල්ලස් කොමිසමෙන් නඩු 5ක්

මහින්දගේ හිටපු ආරක්ෂක ලොක්කාට නොතීසි - අල්ලස් කොමිසමෙන් නඩු 5ක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා යුද හමුදාවේ ‍මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි මහතා 2010 සිට 2014 දක්වා වසර 5ක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද (18) නඩු 5ක් ගොනු කැරිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම නඩු 5 අද සලකා බැලීමට නියමිතය. වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් නෙවිල් වන්නිආරච්චි මහතාට සැප්තැම්බර් 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (18) නොතීසි නිකුත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad